අගමැතිට එරෙහි විශ්වාසභංගයට පක්ෂ කිහිපයක් සහය පළ කරයි

Wednesday, 28 February 2018 - 7:47

%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%B7%E0%B6%82%E0%B6%9C%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%84%E0%B6%BA+%E0%B6%B4%E0%B7%85+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරියේදී ගෙන එන බව පැවසෙන විශ්වාසභංග යෝජනාවට සහය ලබාදීමට දේශපාලන පක්ෂ කිහිපයක් සූදානම් වනවා.

ඒ සම්බන්ධයෙන් කොළඹ ඊයේ (27) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී. රත්නායක සදහන් කළේ අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන්නේ නම් ඊට අනිවාර්යෙන්ම සහයෝගය ලබාදෙන බවයි.

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක බී.බී.සී. සිංහල සේවයට අදහස් දක්වමින් කියා සිටියේ තම පක්ෂය ද සහයෝගය ලබාදීමට සූදානම් බවයි.

විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වීමෙන් පසු ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව දෙමළ ජාතික සන්ධානයේ නායක, විපක්ෂ නායක ආර්. සම්බන්ධන් කියා සිටියා.