හිටපු ජනපති තිරුපති කෝවිල වැඳපුදාගනී

Wednesday, 28 February 2018 - 10:56

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%AD%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%9D%E0%B7%80%E0%B7%92%E0%B6%BD+%E0%B7%80%E0%B7%90%E0%B6%B3%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසක් ඊයේ (27) පස්වරුවේ ඉන්දියාවට ළඟාවුණා.

ඒ තිරුපති කෝවිල වැඳ පුදා ගැනීමටයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ ඇතුළු 6 දෙනෙකුගෙන් යුතු පිරිසක් හිටපු ජනාධිපතිවරයා සමඟ මෙම සංචාරයට එක්ව සිටියා.

පළාත්පාලන මැතිවරණයෙන් ආසන මට්ටමින් සියයට 70 ක ජයග්‍රහණයක් ලබාගැනීමට හැකියාව ලැබුණු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉන්දීය මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කළා.

ඒ, තිරුපති දේවාලය වැද පුදාගැනීමෙන් අනතුරුව ඔවුන් නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමින්.

හිටපු ජනපති - හොඳට දෙවියන් වැඳපුදාගත්තා. ඒ පිළිබඳව සතුටුයි.

ප්‍රශ්නය - මැතිවරණ ප්‍රතිඵලය කොහොමද?

හිටපු ජනපති - සියයට 71 ක් ආසන අපි ජයග්‍රහණය කළා.

ප්‍රශ්නය - ඉන්දු - ලංකා ධීවර ගැටළුවට ගන්න පුළුවන් විසඳුම මොකක්ද?

හිටපු ජනපති - දෙපාර්ශවයම පොදු එකඟතාවකට ඇවිල්ලා තමා ඒක විසඳන්න  ඕන. හැබැයි අවාසනාවකට ඒක සිද්ධවෙලා නැහැ.