හිටපු පොලිස්පති ජයන්ත වික්‍රමරත්න අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අතුරු තහනමක්

Wednesday, 28 February 2018 - 16:02

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%A2%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8+%E0%B7%80%E0%B7%85%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B6%BD%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධියට අදාළව හිටපු පොලිස්පති ජයන්ත වික්‍රමරත්න අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (28) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.

ඒ, ඔහු විසින්  ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගනිමින්.

ඒ අනුව අදාළ පෙත්සම් විභාගය අවසන් වනතුරු මෙම තහනම් නියෝගය ක්‍රියාත්මකයි.

හිටපු පොලිස්පති ජයන්ත වික්‍රමරත්න මීට අදාළව ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම අද සළකා බැලූනේ ඊවා වනසුන්දර, ප්‍රියන්ත ජයවර්ධන සහ එල්.ටී.බී. දෙහිදෙණිය යන විනිසුරු මඩුල්ල හමුවේයි.