නායකත්ව පුහුණුව අතරතුර විදුහල්පතිනියක මියයාමේ සිද්ධියට නිලධාරින් 11 කට විනය පරීක්ෂණ

Thursday, 01 March 2018 - 9:38

%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80+%E0%B6%B4%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B7%80+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%84%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+11+%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB
නායකත්ව පුහුණුව අතරතුර හම්බන්තොට - සුචී ජාතික පාසලේ විදුහල්පතිනිය මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් දෙදෙනෙකු ඇතුළු නිලධාරින් 11 දෙනෙකුට එරෙහිව විනය පරීක්ෂණ පැවැත්වීමට විෂය භාර අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් උපදෙස් ලබා දී තිබෙනවා.
 
එමෙන්ම, අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරින් දෙදෙනෙකු තනතුරුවලින් ඉවත් කිරීමට ද විෂය භාර අමාත්‍යවරයා අධ්‍යාපන ලේකම්වරයාට උපදෙස් ලබාදී ඇති බවයි එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

මෙලෙස තනතුරුවලින් ඉවත් කර ඇත්තේ අධ්‍යාපන අමාත්‍යාංශයේ මානව සම්පත් සංවර්ධන අංශයේ අධ්‍යක්ෂකවරයා සහ එම අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයායි.

ඊට අමතරව අධ්‍යාපන අමාත්‍යාංශයේ මානව සම්පත් සංවර්ධන අංශය භාර අතිරේක ලේකම්වරයාට, ප්‍රසම්පාදන අංශය භාර අතිරේක ලේකම්වරයාට, ප්‍රසම්පාදන අංශයේ ගණකාධිකාරීවරියට, තාක්ෂණ ඇගයීම් කමිටු සමාජිකයන්ට සහ ප්‍රසම්පාදන කමිටු සාමජිකයන්ට එරෙහිව විනය පරීක්ෂණ ක්‍රියාත්මක කරන ලෙසටද උපදෙස් දී තිබෙනවා.

කුරුණෑගල - වාරියපොල වයඹ පුහුණු මධ්‍යස්ථානයේ විදුහල්පතිවරුන් වෙනුවෙන් පැවැත්වූ නායකත්ව පුහුණු වැඩමුළුවට සහභාගි වී සිටි හම්බන්තොට සුචී ජාතික පාසලේ විදුහල්පතිණී රේණුකා කුමාරි අතපත්තු ජීවිතක්ෂයට පත්වුණේ පසුගිය 17 වනදායි.

ඒ පුහුණුකිරීම් අතරතුර කඹයක් ආධාර කර ගනිමින් පැවති පුහුණුවකදී ඇයගේ අතින් කඹය අතහැරී බිම වැටීම හේතුවෙන්.

මේ පිළිබඳව විමර්ශණයක් සිදුකර වාර්තාවක් ලබාදෙන ලෙස අධ්‍යාපන අමාත්‍යවරයා විසින් අමාත්‍යාංශ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි වෙත උපදෙස් ලබාදී තිබූ අතර ඒ අනුව එම වාර්තාව ඊයේ (28) දිනයේදී අමාත්‍යවරයා වෙත බාර දී තිබෙනවා.

එම වාර්තාවට අනුව දැනට විනය පරීක්ෂණ ක්‍රියාත්මක කරන ලෙස නිර්දේශ කර ඇති නිලධාරීන් මෙම පුහුණුව සැලසුම් කිරීමේ සිට මිල ගණන් කැදවීම, ආයතන තෝරා ගැනීම සහ සංවිධාන කිරීම සම්බන්ධයෙන් වගකීම් විරහිතව, අනවධානයෙන් සහ නොසැලකිලිවත් ලෙස තමා රාජකාරි වගකීම් පැහැර හරිමින් ක්‍රියා කර ඇති බවට සනාථ වී ඇති බව සඳහන්.

එමෙන්ම එම පුහුණු වැඩසටහන සංවිධාන කළ අමාත්‍යාංශයේ මානව සම්පත් සංවර්ධන ශාඛාවේ වගකීම් සහ අදාල අංශය භාරව කටයුතු කළ අතිරේක ලේකම්වරයාගේ විෂය පථය වහා ඉවත් කිරීමටද අදාල විමර්ශණය මගින් නිර්දේශ කර තිබෙනවා.

මීට අමතරව නිලධාරීන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් නිසි ආරක්ෂිත ක්‍රමවේදයක් අනුගමනය නොකළ අදාල බැහැරගත පුහුණු වැඩමුළුව පවත්වන ලද ආයතනය අසාදු ලේඛන ගත කිරීමටද මෙම විමර්ශණ වාර්තාවෙන් කර ඇති තවත් නිර්දේශයක්.

එමෙන්ම අදාළ සිද්ධියේදී මියගිය සුචී ජාතික පාසලේ විදුහල්පතිනියගේ සැමියාට සහ දරුවන්ට වන්දි මුදලක් ලබාදීමට මෙන්ම ඇයට හිමි වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් සහ දරුවන් සඳහා හිමිවන රක්ෂණාවරණ ප්‍රතිලාභද කඩිනම්න් සකස් කර දීමට පියවර ගන්නා ලෙසද දැනුම් දී තිබෙනවා.

මේ අතර මෙම සිද්ධියට විරෝධය පළ කරමින් හම්බන්තොට - සුචී ජාතික පාසලේ සිසුන්ගේ දෙමව්පියන්ද අවස්ථා දෙකකදී විරෝධතා පවත්වනු ලැබුවා.



අංගොඩ ලොක්කාගේ ඡායාරූප සැසදේ
Tuesday, 04 August 2020 - 19:42

ඉන්දියාවේදී මියගොස් ඇති බවට වාර්තා වන මද්දුමගේ චන්දන ලසන්ත... Read More

ඡන්ද පෙට්ටි බෙදා හැර අවසන්
Tuesday, 04 August 2020 - 19:35

මහ මැතිවරණය සඳහා ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි නිකුත් කිරීම... Read More

දියණිය ඝාතනය කළ පියාට මරණ දඩුවම
Tuesday, 04 August 2020 - 19:05

තම දියණිය ඝාතනය කළ පියාට නුවරඑළිය මහා අධිකරණ විනිසුරු ප්‍රමිල... Read More