හෙරොයින් ජාවාරමේ නිරතවූ කාන්තාවක් ඇතුලූ තුන්දෙනෙකු අත්අඩංගුවට

Thursday, 01 March 2018 - 13:17

%E0%B7%84%E0%B7%99%E0%B6%BB%E0%B7%9C%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B6%AD%E0%B7%80%E0%B7%96+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B6%BD%E0%B7%96+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
හෙරොයින් ජාවාරමේ නිරතවූ කාන්තාවක් සහ තවත් පුද්ගලයින් දෙදෙනෙකු දෙමටගොඩ විද්‍යාලංකාර මාවතේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ලද තොරතුරකට අනුව ඊයේ (28) සිදුකළ වැටලීමකදියි.

ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටියදී අත්අඩංගුවට ගන්නා විට ඔවුන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 500 කට අධික ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා.

මොවුන් මට්ටක්කුලිය සහ වත්තල යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

සැකකාරියගේ වයස අවුරුදු 54 ක් වන අතර සැකකරුවන් වයස අවුරුදු 24 සහ 52 වයස්වල පසුවනවා.

මෙම සැකකරුවන් සහ සැකකාරිය අද මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ.