ශ්‍රී දේවි ගේ සැමියා මුල්වරට පැවසූ විශේෂ කතාව

Thursday, 01 March 2018 - 13:43

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%AF%E0%B7%9A%E0%B7%80%E0%B7%92+%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B7%80%E0%B7%83%E0%B7%96+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80
ඉන්දීය සිනමාවේ පළමු සුපිරි තාරකාව ලෙස සැලකෙන ශ්‍රී දේවිගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව ඊයේ සවස මුම්බායිහිදී සිදු කෙරුණා.

මේ අතර ඇයගේ අවසන් කටයුතු සිදුකිරීමෙන් අනතුරුව දිගු නිහැඬියාව බිඳිමින් මුල්වරට ඇයගේ සැමියා වන බොනී කපූර් විශේෂ ලිපියක් නිකුත් කර තිබෙනවා.

සමාජ මාධ්‍ය ඔස්සේ මෙම ලිපිය හුවමාරු වීමත් සමඟ ලෝකයේ ම අවධානය මේ වනවිට එම ලිපිය වෙත යොමුව තිබෙනවා.

තම ප්‍රිය භාර්යාවගේ අභාවයත් සමඟ තමන්ට බිරිඳක් මෙන්ම දරු දෙදෙනාට උතුම් මවක අහිමිවූ බවයි බොනී කපූර් එහි සඳහන් කර ඇත්තේ.

ලෝකයාට ඇය නිලියක් වුවද තමන්ට ඇය උතුම් බිරිඳක් වූ බවයි එහි ඔහු සඳහන් කර ඇත්තේ.

මේ අතර අදාළ ලිපිය මගින් බොනී කපූර් සමස්ත ශ්‍රී දේවි රසික රසිකාවියන්ගෙන් විශේෂ ඉල්ලීමක් සිදුකර තිබෙනවා.

එමගින් ඔහු සඳහන් කර ඇත්තේ ශ්‍රී දේවි පිළිබඳව මතකයට නැගීමට අවශ්‍ය නම් ඇයගේ හොඳ ගතිගුණ පමණක් මෙනෙහි කරන ලෙසයි.

මේ අතර අදාළ ලිපිය මගින් ඔහු සියල්ලන්ගෙන් ඉල්ලා ඇත්තේ තමන් ඇතුළු සියලු ම පවුලේ සාමාජිකයන්ගේ පෞද්ගලිකත්වයට හානි නොවන අයුරින් කටයුතු කරන ලෙසයි.

මේ අතර ශ්‍රී දේවි ගේ අවසන් කටයුතුවලින් අනතුරුව ට්විට්ටර් ගිණුම ඔස්සේ බොනී කපූර් ගේ සොහොයුරු අනිල් කපූර් ද විශේෂ ලිපයක් නිකුත් කර තිබුනා.

ශ්‍රී දේවි ගේ හදිසි අභාවයත් සමඟ හින්දි සිනමාවට මෙන්ම තම පවුලට ද නැවත පිරිමැසිය නොහැකි පාඩුවක් සිදුවූ බවයි එමගින් ඔහු පෙන්වා දී ඇත්තේ.

බොනී කපූර්ගේ ලිපිය පහතින්.


අනිල් කපූර්ගේ ලිපිය පහතින්.




පසුගිය සෙනසුරාදා ඩුබායිහිදී අභාවප්‍රාප්ත වූ ශ්‍රී දේවිගේ දේහය ඊයේ රාත්‍රියේ ඉන්දියාවට රැගෙන ආ අතර, දේහය ඇගේ නිවස වෙත රැගෙන යෑමෙන් අනතුරුව අද උදෑසන සිට මහජන ගෞරවය වෙනුවෙන් මුම්බායිහි ක්‍රීඩා සමාජ පරිශ්‍රයේ තැන්පත් කර තිබුණා.

රාජ්‍ය ගෞරව ලබාදීම සදහා රත්පැහැ සාරියකින් සරසවා තිබූ ඇගේ දේහය ඉන්දීය ධජයකින් ආවරණය කිරීම එහිදි සිදු කෙරුණා.

බොලිවුඩ් නළු නිළියන් රැසක් ද එම අවස්ථාවේදී ශ්‍රී දේවිගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණියා.

මහජන ගෞරව දැක්වීමෙන් අනතුරුව ශ්‍රී දේවිගේ දේහය වීදුරුවලින් ආවරණය කරන ලද විශේෂ රථයකින් අදාහනාගාරය වෙත රැගෙන ගියා.

එම රථයේ ශ්‍රී දේවිගේ සැමියා වන බොනී කපුර් සහ ඔහුගේ සොහොයුරු අනිල් කපූර් ඇතුළු පිරිසක් ගමන් කළා.

ශ්‍රි දේවිගේ දේහය අවසන් වරට දැක බලා ගැනීම සදහා මග දෙපස දහස් සංඛ්‍යාත පිරිසක් රැස්ව සිටි අතර, එම පිරිස පාලනය කර ගැනීමට ද ඉන්දීය පොලිසියට ඇතැම් අවස්ථාවල නොහැකි තත්ත්වයක්ම තුවුණා.

දශක 5 කට අධික කාලයක් හින්දි සිනමාව වර්ණවත් කළ මේ සුපිරි තාරකාව ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ සෝ සුසුම් මධ්‍යයේ මෙලෙස අවසන් ගමන් ගියා.