අගමැති සිංගප්පූරුව බලා පිටත් වෙයි

Thursday, 01 March 2018 - 15:54

%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%96%E0%B6%BB%E0%B7%94%E0%B7%80+%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
කොළඹ කොටස් වෙළඳපොල විසින් සංවිධාන කරන ඉන්වෙස්ට් ශ්‍රී ලංකා සමුළුව සඳහා සහභාගිවීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද පස්වරුවේ සිංගප්පූරුව බලා පිටත්ව ගියා.

ගුවන්තොටුපල හිරු වාර්තාකරු සඳහන් කළේ අග්‍රාමාත්‍යවරයා සමඟ නියෝජිතයන් 6 දෙනෙකු මෙම සමුළුවට පිටත්ව ගිය බවයි.

මෙම සමුළුවට කලාපයේ මුල් පෙළේ ආයෝජකයින් රැසක් සහභාගිවීමට නියමිත බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ.

මේ වසරේදී ශ්‍රී ලංකා - සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම අත්සන් තැබීමත් සමඟ දෙරටේ ආර්ථික හා වෙළඳ සබඳතා ඉහළ තලයකට නැංවුණු අතර, එම ගිවිසුම ඔස්සේ ශ්‍රී ලංකාවට ලැබෙන ප්‍රතිලාභ ඉහළ නැංවීමට මෙම සමුළුව ඉවහල් වනු ඇති.