පුත්තලමේ ප්‍රදේශ කිහිපයකට අධි බලැති විදුලි ධාරාවක්

Thursday, 01 March 2018 - 16:59

%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%85%E0%B6%B0%E0%B7%92+%E0%B6%B6%E0%B6%BD%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
පුත්තලම - කාකපල්ලිය, පම්බල ඇතුළු තවත් ප්‍රදේශ කිහිපයකට පැමිණි අධිබලැති විදුලි ධාරාවක් හේතුවෙන් නිවාස රැසක විදුලි උපකරණ විනාශ වී තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ අද (01) අලූයම 2 යි 30 ට පමණ පැමිණි අධිබලැති විදුලි ධාරිතාවක් හේතුවෙන් මෙලෙස ගෘහ විදුලි උපකරණවලට හානි සිදුවී ඇති බවයි.

නිවාස 300 කට ආසන්න ප්‍රමාණයක ජනතාවගේ විදුලි උපකරණ මෙහිදී විනාශ වී තිබෙනවා.

මේ පිළිබදව හිරු ප්‍රවෘත්ති අංශය හලාවත විදුලි ඉංජිනේරු කාර්යාලයෙන් විමසීමක් කළා.

එහි ප්‍රකාශකයෙකු සදහන් කළේ විදුලි ට්‍රාන්ස්පෝමරයක මතුවූ ගැටලූවක් ඊට හේතුවී ඇති අතර, වන්දි ලබාදීම පිළිබදව විදුලිබල මණ්ඩලය දැනුවත් කර ඇති බවයි.