අදත් ප්‍රදේශ රැසකට වැසි

Friday, 02 March 2018 - 8:01

%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92
අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

බස්නාහිර, සබරගමුව පළාත්වලට සහ ගාල්ල, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලට මිලිමීටර් 100 ක පමණ තද වැසි අපේක්ෂා කළ හැකි බවයි එම දෙපාර්තමේන්තුව කියා සිටියේ.

වැසි ඇතිවන අවස්ථාවන්හි දී මන්නාරමේ සිට පුත්තලම, කොළඹ, මාතර හරහා පොතුවිල් දක්වා වන මුහුදේ සුළං වේගය ද පැයට කිලෝමීටර් 70 - 80 දක්වා ඉහළ යා හැකියි.