කේරළ ගංජා කිලෝග්‍රෑම් 10 ක් සමගින් සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට

Friday, 02 March 2018 - 9:21

%E0%B6%9A%E0%B7%9A%E0%B6%BB%E0%B7%85+%E0%B6%9C%E0%B6%82%E0%B6%A2%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%9D%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%91%E0%B6%B8%E0%B7%8A+10+%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+5+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
යාපනයේ - නෙල්ලිඅඩි ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 10 ක් සමගින් සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් ඊයේ(01) දිනයේදී එම කේරළ ගංජා මිලදී ගැනීම සදහා නෙල්ලිඅඩි ප්‍රදේශයට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ.

මේ අතර, දීර්ඝ කාලයක සිට මහා පරිමාණයෙන් හෙරොයින් ජාවාරමේ නිරත වූ කාන්තාවක් සහ ඒ සඳහා අනුබල දුන් තවත් පුද්ගලයින් දෙදෙනෙකු ද පොලිසිය ඊයේ(01) දෙමටගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් සමඟ හෙරොයින් ග්‍රෑම් 503 යි මිලිග්‍රෑම් 106 ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.