හුංගම දැරියක් ගාල්ල කිතුලම්පිටිය ළමා නිවාසයකදී අතුරුදන්

Friday, 02 March 2018 - 11:04

%E0%B7%84%E0%B7%94%E0%B6%82%E0%B6%9C%E0%B6%B8+%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%9A%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B6%BD%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA+%E0%B7%85%E0%B6%B8%E0%B7%8F+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%BA%E0%B6%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A
ගාල්ල - කිතුලම්පිටිය ළමා නිවාසයේ රඳවා සිටි තම 15 හැවිරිදි දියණිය අතුරුදන් වී ඇති බව හුංගම - දකුණු බටඅත - සසලගම ප්‍රදේශයේ පදිංචි මවක් හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළා.

පසුගිය 25 වනදා සිට මෙලෙස අතුරුදන් වී ඇත්තේ කිතුලම්පිටිය බාලිකා රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටි දැරියක්.

2016 වසරේ සිදුවූ අතවරයක් සම්බන්ධ නඩු විභාගයකින් ලැබුණු අධිකරණ නියෝගයක් මත දැරිය මෙම රැඳවුම් මධ්‍යස්ථානයට භාරදී ඇති අතර, එහි නිලධාරින් විසින් දැරිය අතුරුදන් වී ඇති බවට ගාල්ල පොලීසියට පැමිණිලි කර තිබෙනවා.

පසුව හුංගම පොලීසිය දැරිය අතුරුදන් බව තමන්ට දැනුම් දුන් බවයි ඇයගේ මව හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

අප මේ පිලිබඳ ව ගාල්ල - කිතුලම්පිටිය ළමා නිවාසයෙන් විමසීමක් කළා.
 
එහි පාලිකාවක කියා සිටියේ මෙම දැරිය තවත් දැරියක සමඟ  රැඳවුම් මධ්‍යස්ථානයෙන් හොර රහසේ ත්‍රිරෝද රථයක නැගී පලාගිය බවට තොරතුරු අනාවරණ වී ඇති බවයි.

අතුරුදන්වී ඇති දැරියගේ මව සිද්ධිය සම්බන්ධයෙන් දැක්වූ අදහස් සහිත වීඩියෝව පහතින්.