මහ දවල් කතරගම අලියා කුලප්පු වෙයි

Friday, 02 March 2018 - 11:35

%E0%B6%B8%E0%B7%84+%E0%B6%AF%E0%B7%80%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%B8+%E0%B6%85%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9A%E0%B7%94%E0%B6%BD%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%94+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
කතරගම කිරිවෙහෙර පරිශ්‍රයේ සිටි අලියෙකු කුලප්පු වීමත් සමඟ ඊයේ දහවල් උණුසුම් තත්වයක් ඇතිවූවා.

කතරගම කිරිවෙහෙර අභයාරාම විහාරස්තානයේ සිටින භානු නම් අලියා මෙලෙස කුලප්පු වී ඇති බවයි වාර්තා වූයේ.

ඊයේ දහවල් 12 ට පමණ අලියා ස්නානය සඳහා ඇත්ගොව්වා විසින් රැගෙන ගොස් තිබෙනවා.

එහිදී එක්වරම කුලප්පු අලියා කිරිවෙහෙර පුදබිමේ ඒ මේ අත දිවගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඒ වනවිට පුදබිමේ සිටි බැතිමතුන් ද කලබලයට පත්ව තිබෙනවා.

කෙසේ වෙතත් ඇත්ගොව්වා විසින් දැඩි පරිශ්‍රමයක් දැරීමෙන් අනතුරුව අලියා මෙල්ලකරගැනීමට සමත්ව තිබෙනවා.

මේ හේතුවෙන් කිසිවෙකුටත් හානියක් සිදුනොවූ අතර සිද්ධිය වූ අවස්ථාවේ දර්ශන පෙළක් පහතින්.







රටම කතාවෙන පාතාල නායක අංගොඩ ලොක්කා ඉන්දියාවේ පෙනී සිටි ඡායාරූපය එළියට
Tuesday, 04 August 2020 - 19:42

අංගොඩ ලොක්කාගේ ඡායාරූප සැසදේඉන්දියාවේදී මියගොස් ඇති බවට... Read More

ඡන්ද පෙට්ටි බෙදා හැර අවසන්
Tuesday, 04 August 2020 - 19:35

මහ මැතිවරණය සඳහා ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි නිකුත් කිරීම... Read More

දියණිය ඝාතනය කළ පියාට මරණ දඩුවම
Tuesday, 04 August 2020 - 19:05

තම දියණිය ඝාතනය කළ පියාට නුවරඑළිය මහා අධිකරණ විනිසුරු ප්‍රමිල... Read More