ලලිත් වීරතුංගට රට යන්න අවසර

Friday, 02 March 2018 - 13:46

%E0%B6%BD%E0%B6%BD%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%93%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%82%E0%B6%9C%E0%B6%A7+%E0%B6%BB%E0%B6%A7+%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%BB
හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංගට විදේශ ගත වීම සඳහා අභියාචනාධිකරණය අද (02) අවසර ලබාදුන්නා.

ඒ ඔහු අභියාචනාධිකරණය හමුවේ ගොනුකළ පෙත්සමක තීන්දුව ප්‍රකාශයට පත් කරමින්.

ඒ අනුව, මේ මස 20 වනදා සිට අප්‍රේල් මස 30 වනදා දක්වා කාලය තුළ ඔහුට විදේශ ගත වීමට අවසර හිමිවනු ඇති.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ විනිසුරු ශිරාන් ගුණරත්න ඉදිරියේ මෙම පෙත්සම විභාගයට ගැණුනු බව හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළා.

මීට පෙර, විදේශ ගත වීම සඳහා තමන්ට අවසර ලබාදෙන ලෙස හිටපු ජනාධිපති ලේකම්වරයා කොළඹ මහාධිකරණයෙන් සිදුකරනු ලැබූ ඉල්ලීම ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

ඉන් අනතුරුවයි ඔහු විසින් අභියාචනාධිකරණයේ ඇපෑලක් ගොනුකරමින් විදේශ ගත වීම සඳහා අවසර ඉල්ලා සිටියේ.

පසුගිය ජනාධිපතිවරණ සමයේ රුපියල් මිලියන 600ක් වැයකර සිල් රෙදි බෙදා දීමේ චෝදනාවට අදාළවයි හිටපු ජනාධිපති ලේකම්වරයාගේ විදේශ ගමන් තහනම් කර තිබුණේ.