අත්බෝම්බය බස් රථයට ගෙන ආ, සෙබලා අත්අඩංගුවට

Friday, 02 March 2018 - 15:19

%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BA+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%86%2C+%E0%B7%83%E0%B7%99%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
දියතලාව කහගොල්ලේදී බස් රථයක පුපුරාගිය අත් බෝම්බය රැගෙන ආ හමුදා සමාජිකයා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා.

මෙම සැකකාර සෙබළා දියතලාව රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටියදීයි පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඔහු බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 16 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

පසුගිය 21 වනදා දියතලාව බණ්ඩාරවෙල මාර්ගයේ කහගොල්ල ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් තුල සිදුවු පිපිරීමෙන් 19 දෙනෙකු තුවාල ලැබුවා.

යුද හමුදා සෙබලුන් 7 ක්, ගුවන් හමුදා සෙබලුන් 5 ක් සහ සාමාන්‍ය පුද්ගලයන් 7 දෙනෙක් ඊට අයත්.

මෙම සිද්ධියට අදාළව පොලිසිය සිදු කළ විමර්ශණවලින් අනතුරුවයි අදාළ බස් රථයේ ගමන් කළ හමුදා සෙබලා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඔහු යුද හමුදාවේ 6 වන විදුලි  හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ බලලත් නිලධාරියෙක් බව පොලිසිය සඳහන් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට යුද හමුදාපතිවරයා ද කමිටුවක් පත් කළ අතර යුද හමුදා පොලීසිය මගින් ද විමර්ශනයක් සිදුකරනවා.



Update : ලෙබනන් පිපිරීමෙන් 10 දෙනෙකු ජීවිතක්ෂයට - 100කට අධික පිරිසකට තුවාල (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 21:41

ලෙබනන්හි බීරූට් නුවර සිදුවූ පිපිරීමෙන් පුද්ගලයන් 10 දෙනෙකුට... Read More

මීගමුව පොලීසියේදී සම්පායෝට සහ සොහොයුරාට, තේ පැන් සංග්‍රහයක් (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 20:59

බන්ධනාගාර රැඳවියන්ට පහසුකම් සැපයීමේ චෝදනාව මත අත්අඩංගුවට... Read More

කොටස් වෙළඳපොළ යළි වර්ධනයක්
Tuesday, 04 August 2020 - 20:54

කොළඹ කොටස් වෙළදපොළේ මිල දර්ශක අද නැවතත් වර්ධනයක් පෙන්නුම්... Read More