රාජාංගන ගොවි සංවිධාන සභාපති 5 තෙක් රිමාන්ඩ්

Friday, 02 March 2018 - 17:26

%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8F%E0%B6%82%E0%B6%9C%E0%B6%B1+%E0%B6%9C%E0%B7%9C%E0%B7%80%E0%B7%92+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+5+%E0%B6%AD%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
රාජාංගනය ජලාශයේ පානීය ජල ව්‍යාපෘතියකට විරෝධයට පල කරමින් සිදුකල විරෝධය සංවිධානය කල චෝදනාවට අත්අඩංගුවට ගත් රාජාංගනය ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති ඩබ්ලිව්.ඒ. නිහාල් ලබන 05 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, ඔහු තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට අද (02) ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

එමෙන්ම විරෝධතාවට සම්බන්ධ ව අත්අඩංගුවට ගත් 50 දෙනෙකු ද ලබන 05 වනදා රක්ෂිත බන්ධාගාර ගත කලා.

මේ අතර රාජාංගණය පානීය ජල ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මතු වූ ගැටළු පිළිබඳව තමා හෝ අදාළ අමාත්‍යවරුන් දැනුම්වත් නොකිරීම සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක, ගොවීන්ට අද අප්‍රසාදය පළ කළා.

ඒ, ගැටලූව සම්බන්ධයෙන් වාරිමාර්ග හා ජල සම්පත් කලමණාකරණ අමාත්‍යාංශයේදී අද පැවති සාකච්ජාවට එක්වෙමින්.

අදාල සාකච්ජාව සඳහා වාරිමාර්ග හා ජලසම්පත් කළමණාකරණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා, අමාත්‍ය දුමින්ද දිසානායක, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඇතුලූ ආයතනවල රාජ්‍ය නිළධාරින් පිරිසක් සහ රාජාංගණ ඒකාබද්ධ ගොවි සංවිධානයේ ගොවීන් පිිරිසක් ද එක්ව සිටියා.

මේ අතර, වෘත්තීය සමිති හා මහජන සංවිධාන එකමුතුව නමින් ගොවීන් පිරිසක් අද කොළඹදී මාධ්‍ය හමුවක් පැවැත්වුවා.

ඊට එක්වෙමින් ගොවීන් සඳහන් කළේ වෙනත් සමාගමකට පවරමින් සිදුකිරීමට සැලසුම් කර ඇති රාජාංගනය පානීය ජල ව්‍යාපෘතිය 2011 වසරේදී සැලසුම් කර තිබුණේ මහවැලි ගෙඟ් ජලය කලාවැව හරහා කෝන් වැවට ගෙන ඒමේ ව්‍යාපෘතියක් ලෙස බවයි.

මේ අතර, රාජාංගනය ජලාශයේ පානීය ජල ව්‍යාපෘතියකට විරෝධයට පල කරමින් සිදුකල විරෝධය සංවිධානය කල බවට වන චෝදනාවට අත්අඩංගුවට ගත් රාජංගන ගොවි සංවිධානයේ සභාපති ඩබ්ලිව්.ඒ.නිහාල් ලබන 05 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.