පූජ්‍ය දරණාගම කුසලධම්ම හිමියන් අපවත් වෙයි

Saturday, 03 March 2018 - 7:37

%E0%B6%B4%E0%B7%96%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%AF%E0%B6%BB%E0%B6%AB%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B6%B0%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B4%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
කොළඹ - ශ්‍රී සම්බෝධි විහාරයේ විහාරාධිපති පූජ්‍ය දරණාගම කුසලධම්ම හිමියන් අපවත් වී තිබෙනවා.

දිගුකලක් තිස්සේ රෝගාතුරව සිටි උන්වහන්සේ අද අලුයම අපවත් වී ඇති බවයි වාර්තා වන්නේ.

අපවත්වන විට උන්වහන්සේ 54 වන වියේ පසුවුණා.

කලක් රෝගීව සිටි පූජ්‍ය දරණාගම කුසලධම්ම හිමියන් අද අලුයම අපවත් වුණේ විහාරස්ථානයේ වැඩවසිමින් සිටියදී.

සම්බුද්ධ ශාසනයේ ප්‍රගමනය උදෙසා මහඟු මෙහෙයක් ඉටුකළ උන්වහන්සේ දෙල්ගොඩ නාරංවල සම්බෝධි සදහම් සෙවන සහ ලන්ඩන් නුවර ශ්‍රී සම්බෝධි විහාරයේ විහාරාධිපති ලෙස කටයුතු කළා.

ඉංග්‍රීසි බසින් දහම් අධ්‍යාපනය ලබා දීම සඳහා ආරම්භ කෙරුණු පළමු දහමු පාසලේ විදුහල්පතිවරයා ලෙස කටයුතු කළේද කුසලධම්ම හිමියන්.

කුසලධම්ම හිමියන්ගේ දේහය අද පෙරවරුවේම කොළඹ පෞද්ගලික මල්ශාලාවක් වෙත වැඩම කෙරණු අතර අද රාත්‍රීයේ යළි විහාරස්ථානයට වැඩම කරවීමට නියමිතයි. .

දරණාගම කුසලධම්ම හිමියන්ගේ ආදාහන පූජෝත්සවය ලබන 07 වෙනිදා සිදු කිරීමට අද පෙරවරුවේ රැස් වූ අදාහන කමිටුව තීරණය කළා.

කෙසේ වෙතත් අදාහන පූජෝත්සවය පැවැත්වෙන ස්ථානය සහ වේලාව මෙතෙක් තීරණය වී නැහැ.

1963 ජූලි මස 30 වෙනදා බියගම දරණාගම ග්‍රාමයේ සිව් දෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමහල් පිරිමි දරුවා ලෙස මෙළොව එළිය දුටු උන්වහන්සේ වර්ෂ 1985 වසරේදී පැවිදි බිමට ඇතුළත්ව තිබෙනවා.

කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය හඳාරා ඇති උන්වහන්සේ කැළණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය හිමිකරගෙන ඇති වියත් පඬිරුවනක්.