කෝටි 6 ක් වටිනා කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට

Saturday, 03 March 2018 - 18:10

%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92+6+%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8F+%E0%B6%9A%E0%B7%9A%E0%B6%BB%E0%B7%85+%E0%B6%9C%E0%B6%82%E0%B6%A2%E0%B7%8F+%E0%B6%AD%E0%B7%9C%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
රුපියල් කෝටි 6 කට වඩා වැඩි වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සමග මීගමුව ප්‍රදේශයේදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කිලෝග්‍රෑම් 403 ක් වන මෙම කේරළ ගංජා තොගය පොලිස් විශේෂ කාර්ය බලකාය කළ වැටලීමකදීයි අත්අඩංගුවට ගෙන ඇත්තේ.

නාවික හමුදාවට ලැබුනු තොරතුරකට අනුව පොලිස් විශේෂ කාර්ය බලකාය නාවික හමුදාව සමග එක්ව වැටලීම සිදුකර ඇත්තේ මීගමුව කොප්පරා හංදිය ප්‍රදේශයේදීයි.

වෑන් රථයකින් මෙම ගංජා ප්‍රවාහනය කරමින් තිබු බව ද සඳහන්.

පොලිස් විශේෂ කාර්ය බලකායේ උසස් පොලිස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ යාපනයේ සිට කොළඹ බලා රැගෙන එමින් සිටියදී මෙම කේරළ ගංජා තොගය අත්අඩංගුවට ගත් බවයි.