මහ පරිමාණ ඉන්ධන ජාවාරමක තොරතුරු හෙළිවේ

Sunday, 04 March 2018 - 12:30

%E0%B6%B8%E0%B7%84+%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%AB+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B6%9A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%9A
උතුර පළාතට ඉන්ධන බෙදාහැරීමේදී සිදුවන මහා පරිමාණ ජාවාරමක් සම්බන්ධයෙන්  තොරතුරු හෙළි කිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ විශේෂ වැටලීම් ඒකකය සමත්වී තිබෙනවා.

ඒ, හිරු සී අයි ඒ සමග ඊයේ සිදුකළ වැටලීමකදියි.

කොළඹින් උතුර පළාතට රැගෙන යන ඉන්ධන බෙදාහරින්නේ වවුනියාවේ ගබඩා කර  තැබීමෙන් අනතුරුවයි.

එහෙත් කාලයක් තිස්සේ මෙලෙස රැගෙන යන ඉන්ධන වංචනික ලෙස ගබඩා කර අලෙවි කර ඇති බවටයි හෙළිවී ඇත්තේ.

සෑම සතියකම අවසානයේ තොග අවසන්ව ඇති බවට ඛනිජ තෙල් සංස්ථාව වෙත දැනුම්දිය යුතුව තිබුණද මෙම ගඩබාවේ සේවයේ නියුතු පුද්ගලයන් එම දැනුම්දීම සිදුකර ඇත්තේ යම් ඉන්ධන තොග ප්‍රමාණයක් සඟවා තැබීමෙන් පසුව බවයි අනාවරණ වී තිබෙන්නේ.

පසුව එම ඉන්ධන උතුර පළාතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට අයත්  බවුසර් මගින් පුද්ගලිකව අය කර මුදල් උපයා ඇති බව සඳහන්.

එලෙස අලෙවිය සඳහා රැගෙන යමින් තිබූ ඉන්ධන ලීටර 2070 ක් ඛනිජ තෙල් සංස්ථා විශේෂ වැටලීම් ඒකකය සිය භාරයට ගෙන තිබෙනවා.

මෙහිදී සැකකරුවන් 9 දෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තාවන්නේ.