සාහිත්‍යධර ඇරැව්වල නන්දිමිත්‍ර අභාවප්‍රාප්ත වේ

Sunday, 04 March 2018 - 12:55

%E0%B7%83%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B0%E0%B6%BB+%E0%B6%87%E0%B6%BB%E0%B7%90%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B6%BD+%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB+%E0%B6%85%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD+%E0%B7%80%E0%B7%9A
රාජ්‍ය සම්මානලාභී නවකථාකරු, ප්‍රවීන සාහිත්‍යධර ඇරැව්වල නන්දිමිත්‍ර වයස අවුරුදු 78ක්ව සිටියදී අභාවප්‍රාප්ත වී තිබෙනවා.

කළක් රෝගාතුරව සිටි ඔහු පන්නිපිටිය - ඇරැව්වල පිහිටි සිය නිවසේදී අද අභාවප්‍රාප්ත වූ බවයි ඔහුගේ පවුලේ සාමාජිකාවක සඳහන් කළේ.

1965 වසරේදී කෙටි කථා එකතුවකින් සාහිත්‍යකරණයට පිවිසි ඇරැව්වල නන්දිමිත්‍රයන් කය මිස සිත නැති දන, ඇතුලූ සම්මාන දිනූ නවකථා රැසක් රචනා කළ අතර, ඔහුගේ  මල්දෙණියේ සිමියොන් නව කතාව සිනමා පටයක් ලෙසද එළිදුටුවා.