ඉරණවිල දස හැවිරිදි දරුවා ඝාතනයේ සැකකරුට අද ලැබුණු නියෝගය

Monday, 05 March 2018 - 17:43

%E0%B6%89%E0%B6%BB%E0%B6%AB%E0%B7%80%E0%B7%92%E0%B6%BD+%E0%B6%AF%E0%B7%83+%E0%B7%84%E0%B7%90%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%92+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%8F+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+%E0%B6%85%E0%B6%AF+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA
හලාවත - ඉරණවිල ප්‍රදේශයේ දස හැවිරිදි දරුවෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු මේ මස 8 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, සැකකරු හලාවත මහේස්ත්‍රාත් රඛිත පී. අබේසිංහ වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

එදිනට සැකකරු හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සඳහා ද ඉදිරිපත් කරන ලෙසටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ.

අප වාර්තාකරු සඳහන් කළේ ප්‍රදේශවාසීන් පිරිසක් හලාවත මහේස්ත්‍රාත් අධිකරණ ඉදිරිපිටට පැමිණ විරෝධතාවක නිරත වන බවයි.

මුලතිව් - නයාරු ධීවර ගම්මානයේ සැඟව සිටියදී ඊයේ මොහු අත්අඩංගුවට ගනු ලැබුවේ ප්‍රදේශයට නාඳුනන පුද්ගලයෙකු පැමිණ ඇති බවට ලැබුණු තොරතුරකට අනුවයි.

පසුගිය 27 වනදා හලාවත - ඉරණවිල - මුවපිටිය ප්‍රදේශයේ රක්ෂිතයක තිබී ඝාතනයට ලක් වූ සුසිත් නිර්මාල් නැමති මෙම දරුවාගේ සිරුර සොයා ගත්තා.