අගමැතිට එරෙහි විශ්වාසභංගය කල් දමයි

Tuesday, 06 March 2018 - 13:38

%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%B7%E0%B6%82%E0%B6%9C%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AF%E0%B6%B8%E0%B6%BA%E0%B7%92
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංගය අද භාර නොදීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබෙනවා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා කියා සිටියේ එය නුදුරු දිනකදී භාරදීමට කටයුතු කරන බවයි.  

 එසේම රටේ පවතින තත්ත්වය සැළකිල්ලට ගෙන හෙට නුගේගොඩ පැවැත්වීමට නියමිතව තිබූ ඒකාබද්ධ විපක්ෂයේ ජන රැළිය ද කල් දැමූ බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.