තොණ්ඩමන් සත්‍යග්‍රහය අතහරී

Wednesday, 07 March 2018 - 7:49

%E0%B6%AD%E0%B7%9C%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B6%BA+%E0%B6%85%E0%B6%AD%E0%B7%84%E0%B6%BB%E0%B7%93
මස්කෙළිය පොලීසියේ ස්ථානාධිපතිවරයා වහා ඉවත් කරන ලෙස බල කරමින් ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගන් තොණ්ඩමන් සහ ඔහුගේ ආධාරකරුවන් පිරිසක් ඊයේ පස්වරුවේ ආරම්භ කළ සත්‍යග්‍රහය අවසන් කර තිබෙනවා.

ඒ, හැටන් පොලිස් අධිකාරීවරයා සහ සහකාර පොලිස් අධිකාරීවරයා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

මස්කෙලිය පොලිස් ස්ථානාධිපතිවරයා වතුකරයේ දේශපාලන පක්ෂයකට පක්ෂග්‍රාහීව කටයුතු කරන බව පවසමින් ඔවුන් මෙම සත්‍යග්‍රහය ආරම්භ කළේ එම පොලිස් ස්ථානය ඉදිරිපිටදියි.