මහනුවර ආරක්ෂාව ඉහළ නංවන ලෙසට ජනපතිගෙන් උපදෙස් (ඡායාරූප)

Wednesday, 07 March 2018 - 17:57

%E0%B6%B8%E0%B7%84%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%B1%E0%B6%82%E0%B7%80%E0%B6%B1+%E0%B6%BD%E0%B7%99%E0%B7%83%E0%B6%A7+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
මහනුවර ප්‍රදේශයේ ආරක්ෂාව ඉහළ නංවන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

පවතින තත්වය පිළිබඳ සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා අද පස්වරුවේ මහනුවර ප්‍රදේශයට ගොස් තිබුනා.

එහිදී ආගමික නායකයන් මෙන්ම ආරක්ෂක අංශ බලධාරීන් සමග සාකච්ඡා කළ බවයි ජනාධිපතිවරයා සිය ට්විටර් ගිණුමේ සටහන් කර ඇත්තේ.

මෙම සාකච්ඡාවට අස්ගිරි මල්වතු උභය පාර්ශව නියෝජනය කරමින් අනුනායක ස්වාමීන් වහන්සේලා මෙන්ම මුස්ලිම් මව්ලවිතුමන්ලා ඇතුලු අන්‍යාගමික නායකයින් මැති ඇමතිවරුන් රාජ්‍ය නිලධාරීන් සහ ආරක්ෂක අංශ ප්‍රධානීන් එක්ව සිටියා.

මතුව ඇති තත්වය සහ ජනතාව අතර පවතින අනවබෝධය දුරලමින් සාමය ස්ථාපිත කිරීම සඳහා ආගමික නායකයන්ට ඉටු කළ හැකි කාර්ය භාර්යය පිළිබඳ ජනාධිපතිවරයා මෙහිදී සියලුදෙනාගේ අවධානය යොමුකර තිබෙනවා.

මෙහිදි ආගමික නායකයින් පෙන්වාදී ඇත්තේ ඉතා සුලු සිදුවීම් විවිධ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ අනවශ්‍ය ආකාරයෙන් ප්‍රචාරය කරමින් සමාජයට වැරදි තොරතුරු ලබාදීම මෙම තත්වය වර්ධනයට මුලික හේතුව වී ඇති බවයි.

රටේ සියලු ජන කොටස් අතර සාමය සහ සංහිඳියාව ගොඩ නගමින් මෙවන් සිදුවීම් ඉදිරියේදී සිදු නොවීමට අවශ්‍ය පරිසරය ගොඩනැගීමට ආගමික නායකයින් සියලුදෙනා එක්ව ගතහැකි සෑම පියවරක්ම ගැනීමේ වැදගත්කම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැහැදිළි කර තිබෙනවා.

එමෙන්ම ජනාධිපතිවරයා පොලිසියට සහ ත්‍රිවිධ හමුදාවට උපදෙස් ලබාදී ඇත්තේ ප්‍රදේශයේ ජනතාවගේ ආරක්ෂාව තවදුරටත් තහවුරු කිරීමට සහ සාමය ස්ථාපිත කිරීමට ගත හැකි සෑම පියවරක්ම ගන්නා ලෙසටයි.

එමෙන්ම කලහකාරී කටයුතුවලට සම්බන්ධ පිරිස් අත්අඩංගුවට ගනිමින් කිසිදු බේදයකින් තොරව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙසට ද ජනාධිපතිවරයා උපදෙස් දී තිබෙනවා.

මෛත්‍රීපාල සිරිසේන මහතා ආගමික නායකයන්ගෙන් විශේෂ ඉල්ලීමක් ද සිදුකර ඇත්තේ ආරක්ෂාව තහවුරු කිරීමට ආරක්ෂක අංශවලින් ගෙනයන වැඩපිළිවෙලට අමතරව තම තමන්ගේ කොට්ඨාශවල ජනතාවගේ ආරක්ෂාව සහතික කර ඔවුන් අතර සාමය ස්ථාපිත කිරීමට නායකත්වය ගන්නා ලෙසටයි.