පූජ්‍ය දරණාගම කුසලධම්ම හිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද

Thursday, 08 March 2018 - 7:23

%E0%B6%B4%E0%B7%96%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%AF%E0%B6%BB%E0%B6%AB%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B6%B0%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%86%E0%B6%AF%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B6%B4%E0%B7%96%E0%B6%A2%E0%B7%9D%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%80%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF
අපවත් වී වදාළ කොළඹ - ශ්‍රී සම්බෝධි විහාරයේ විහාරාධිපති පූජ්‍ය දරණාගම කුසලධම්ම හිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද (08) පස්වරු 2.30ට රාජ්‍ය අනුග්‍රහය සහිතව කොළඹ - නිදහස් චතුරශ්‍රයේදී සිදුකිරීමට නියමිතයි.

කුසලධම්ම හිමියන්ගේ ශ්‍රී දේහය රැගත් ආදාහන පෙරහර පස්වරු 2ට ශ්‍රී සම්බෝධි විහාරස්ථාන භූමියෙන් පිටත්වනු ඇති.

පසුගිය සෙනසුරාදා අලුයම උන්වහන්සේ අපවත් වූයේ රෝගාතුරව ප්‍රතිකාර ලබමින් සිටියදියි.

අපවත්වන විට 54 වන වියේ පසුවූ උන්වහන්සේගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා පසුගිය දින කිහිපය පුරාම විශාල ජනතාවක් පැමිණියා.

එමෙන්ම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඇතුලු දේශපාලනඥයින් රැසක්ද අපවත් වී වදාළ කොළඹ - ශ්‍රී සම්බෝධි විහාරයේ විහාරාධිපති පූජ්‍ය දරණාගම කුසලධම්ම හිමියන්ගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දක්වනු ලැබුවා.