රුපියල් කෝටි 3ක හෙරොයින් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

Thursday, 08 March 2018 - 9:40

%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92+3%E0%B6%9A+%E0%B7%84%E0%B7%99%E0%B6%BB%E0%B7%9C%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
කඩුවෙල ප්‍රදේශයේදී රුපියල් තුන් කෝටි දොලොස් ලක්ෂයක් වටිනා හෙරොයින් තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් කඩුවෙල සහ දෙමටගොඩ යන ප්‍රදේශවල පදිංචි 24 සහ 39 හැවිරිදි පුද්ගලයින් බවයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ප්‍රකාශ කළේ.

කඩුවෙල බස් නැවතුම්පල ඉදිරිපිටදී කඩුවෙල ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයා, ත්‍රිරෝද රථයේ සිටි අනෙක් සැකකරුට මත්කුඩු ලබා දීමට යාමේදී පොලිසිය මෙම වැටලීම සිදුකර තිබෙනවා.

අනතුරුව 24 හැවිරිදි සැකකරුගේ නිවස පරීක්ෂා කළ පොලීසියට එහි තිබී තවත් හෙරොයින් තොගයක් හමුවී ඇති අතර සොයාගත් සම්පූර්ණ මත්කුඩුවල බර කිලෝ 02යි ග්‍රෑම් 600ක් බවයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ උසස් නිලධාරියෙකු ප්‍රකාශ කළේ.

මෙම මත්කුඩු තොගය මෙම වසරේ අත්අඩංගුවට ගත් වැඩිම වටිනාකමකින් යුත් හෙරොයින් තොගය ද වනවා.

සැකකරුවන් මෙම ජාවාරම කාලයක් තිස්සේ සිදුකරගෙන ගොස් ඇති බවටයි මෙතෙක් සිදුකළ පරීක්ෂණවලදී හෙලිවී ඇත්තේ.

අද (08) දිනයේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැදවුම් නියෝග මත සැකකරුවන්ගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුකරන බව පොලීසිය සඳහන් කළා.

එහිදී මෙම ජාවාරමට සම්බන්ධ අනෙකුත් පුද්ගලයන් පිළිබඳවද තොරතුරු හෙලි කර ගැනීමට හැකි වනු ඇති බවයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ උසස් නිලධාරියා සඳහන් කළේ.