නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍යධුරය රංජිත් මද්දුම බණ්ඩාරට (ඡායාරූප)

Thursday, 08 March 2018 - 10:12

%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%84+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B6%BA+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B0%E0%B7%94%E0%B6%BB%E0%B6%BA+%E0%B6%BB%E0%B6%82%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B6%B8+%E0%B6%B6%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BB%E0%B6%A7+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
රාජ්‍ය පරිපාලන සහ කළමණාකරණ අමාත්‍යවරයා ලෙස කටයුතු කරන රංජිත් මද්දුම බණ්ඩාර නීතිය හා සාමය පිලිබද අමාත්‍යවරයා ලෙස ද අද ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා.

පසුගිය දා සිදුවූ අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී නීතිය හා සාමය අමාත්‍ය ධුරයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ දිවුරුම් දුන් අතර එය තාවකාලික පත්වීමක් බවයි රජය මීට පෙර ප්‍රකාශ කළේ.

අමාත්‍ය ධුරයෙන් දිවුරුම් දීමෙන් අනතුරුව රංජිත් මද්දුම බණ්ඩාර ආශිර්වාද ලබා ගැනීම සදහා අද හුණුපිටිය - ගංඟාරාම විහාරස්ථානයට පැමිණියා.

එහිදී විහාරාධිපති පූජ්‍ය ගලබොඩ ඥානීස්සර හිමියන් රටේ වර්තමාන තත්ත්වය පැහැදිලි කරමින් අමාත්‍යවරයාට ආශිර්වාද එක් කළා.

අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ නීතිය හා සාමය, රාජ්‍ය පරිපාලන සහ කළමණාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර කියා සිටියේ තමන් නිසි ලෙස තම රාජකාරිය ආරම්භ කරන බවයි.

මේ අතර, ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීර්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකාට නීතිය හා සාමය අමාත්‍ය ධුරය ද ලබාදෙන බවට පසුගිය දිනවල දේශපාලන සමාජයේ ඇතිවුණේ පුළුල් සමාජයක්.

එහෙත් ඊට අදාළව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය අතර එකඟතාවක් ඇති කර ගැනීමට නොහැකි වූ බවයි වාර්තා වුණේ.

මේ අතර, නීතිය හා සාමය අමාත්‍ය ධුරය රංජිත් මද්දුම බණ්ඩාරට ලබාදීම පිළිබදව ෆීල්ඩ් මාර්ෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා අද වත්තල - හුණුපිටියේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් කියා සිටියේ නව පත්කිරීම පිළිකුල් සහගතව හෙළා දකින බවයි.