ඕනෑම සහයෝගයක් ලබාදීමට සූදානම් බව මුස්ලිම් සංවිධාන නියෝජිතයන් ජනපතිට කියයි

Thursday, 08 March 2018 - 13:48

%E0%B6%95%E0%B6%B1%E0%B7%91%E0%B6%B8+%E0%B7%83%E0%B7%84%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B6%E0%B7%80+%E0%B6%B8%E0%B7%94%E0%B7%83%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
රට තුළ සාමකාමී පරිසරයක් ගොඩනැගීමට අවශ්‍ය  ඕනෑම සහයක් ලබාදීමට සූදානම් බව මුස්ලිම් සංවිධාන නියෝජිතයන් ජනාධිපතිවරයා හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

ඒ, එම සංවිධානවල නියෝජිතයන් ඊයේ (07) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදියි.

මෙහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මුස්ලිම් සංවිධාන නියෝජිතයන්ට දැනුම් දී ඇත්තේ සියලූ ජාතීන්ට සමගියෙන් සහ සහජීවනයෙන් ජීවත්වීමට අවශ්‍ය පරිසරය ගොඩනැගීම සඳහා ගත හැකි සෑම පියවරක්ම රජය විසින්  ක්‍රියාත්මක කර ඇති බවයි.