ගම්පහ රෝහලේ විදුලි සෝපානයෙන් ඇද වැටී අයෙක් මරුට

Thursday, 08 March 2018 - 15:36

%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%84+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B7%83%E0%B7%9D%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%AF+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%85%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
ගම්පහ මූලික රෝහලේ විදුලි සෝපානයෙන් ඇද වැටී එක් අයෙකු මියගොස් තවත් පුද්ගලයෙකු තුවාල ලබා රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පොලීසිය සදහන් කළේ විදුලිය විසන්ධි වී සෝපානය ක්‍රියා විරහිත වීමෙන් පසුව එහි සිරවී සිටි පිරිස මුදා ගැනීමට යාමේදී මෙම පුද්ගලයා ඉන් ඇද වැටී බරපතල තුවාල ලබා ජීවිතක්ෂයට පත්වූ බවයි.

සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්වී ඇත්තේ ගනේමුල්ල ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි අයෙක්.

ගම්පහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන තම පුතුගේ සුවදුක් විමසීම සදහා පැමිණි අවස්ථාවේදී ඔහු මෙම අනතුරට මුහුණදී තිබෙනවා.