සමාජ මාධ්‍ය වෙත පිවිසීම තවදුරටත් අවහිර කෙරේ

Thursday, 08 March 2018 - 16:55

%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%80%E0%B7%99%E0%B6%AD+%E0%B6%B4%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%93%E0%B6%B8+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
ෆේස්බුක් ඇතුලූ සමාජ මාධ්‍ය වෙත පිවිසීම තවදුරටත් අවහිර කර ඇති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසනවා.

එම කොමිෂන් සභාව සදහන් කළේ මහනුවර දිස්ත්‍රික්කයේ පවතින තත්ත්වය සැළකිල්ලට ගනිමින් එම පියවර ගෙන ඇති බවයි.

ඒ අනුව අන්තර්ජාලය ඔස්සේ භාවිත වන ෆේස්බුක්, වයිබර්, ඉමෝ සහ වට්ස්අප් වැනි සමාජ මාධ්‍ය වෙත පිවිසීම තවදුරටත් අවහිර වනු ඇති.

කෙසේ වෙතත්, විකල්ප ක්‍රමවේදයන් භාවිතා කරමින් ෆේස්බුක් සහ අනෙකුත් සමාජ මාධ්‍ය වලට පිවිසෙන පුද්ගලයන් සම්බන්ධයෙන් ද විමර්ශන ආරම්භ කර ඇති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළා.

එසේම, ජාතිවාදී අදහස් සහ ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරන්නන් සහ හුවමාරු කරන්නන් පිලිබදව එම කොමිසම පරීක්ෂණ ආරම්භ කර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ද සහය ඇතිවයි.