වයඹ පළාත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වර්ජනයක

Thursday, 08 March 2018 - 16:55

%E0%B7%80%E0%B6%BA%E0%B6%B9+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84%E0%B6%A2%E0%B6%B1+%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් වයඹ පළාතේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද ආරම්භ කළ වර්ජනය හෙටත් ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

විශේෂ ශ්‍රේණියේ පුරප්පාඩු පිරවීමට කටයුතු නොකිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම වර්ජනය ක්‍රියාත්මකයි.

තම ඉල්ලීම් වලට විසදුම් නොලැබුණහොත් මේ මස 15 වනදා සිට සියලූ ක්ෂේත්‍ර රාජකාරිවලින් ඉවත් වීමට ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තීරණය කර ඇති බවයි එහි සභාපති උපුල් රෝහණ හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.