අධිකරණ නියෝග කඩ කළ අර්ජුන් මහේන්ද්‍රන්ට රතු නිවේදන යන ලකුණු

Friday, 09 March 2018 - 8:20

%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C+%E0%B6%9A%E0%B6%A9+%E0%B6%9A%E0%B7%85+%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%BB%E0%B6%AD%E0%B7%94+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B6%B1+%E0%B6%BA%E0%B6%B1+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94
බැදුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට ලබාදුන් කාලය ඊයේ දිනයෙන් අවසන් වුණා.

කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න ඔහුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස ලබාදුන් සිතාසිය මෙතෙක් හිටපු මහ බැංකු අධිපතිවරයාට භාරදීමට හැකියාවක් ලැබී නැහැ.

හිටපු මහ බැංකු අධිපතිවරයා සිංගප්පූරුවේ රැඳී සිටින බවට ලැබුණු තොරතුරක් මත කුරියර් සේවාවක් මගින් සහ සීඝ්‍රගාමී තැපෑල ඔස්සේ සිතාසි යොමු කිරීමට පියවර ගෙන තිබුණා.

කෙසේ වෙතත්, සිංගප්පූරුවේ ඔහු පදිංචිව සිටි නිවස වසා දමා ඇති බවටයි පසුව වාර්තා වුණේ.

අදාල සේවාවේ නියෝජිතයා පසුගිය පෙබරවාරි මාසයේදී අදාළ සිතාසිය භාර දීමට ගිය අවස්ථාවේදී හිටපු මහ බැංකු අධිපතිවරයාට දුරකතන ඇමතුමක්ද ලබාදී තිබෙනවා.

එහිදී ඔහු සඳහන් කර ඇත්තේ තමා පෙබරවාරි මාසය තුල යලි සිංගප්පූරුවට පැමිණෙන බවයි.

කෙසේ වෙතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිතාසිය සම්බන්ධයෙන් ඔහුව දැනුවත් කරමින් පෞද්ගලික ජංගම දුරකතනයට සහ විද්‍යුත් තැපෑලටද පණිවුඩ යොමුකර තිබෙනවා.

ඔහු සම්බන්ධයෙන් ගත හැකි ඉදිරි පියවර සම්බන්ධයෙන් අප කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය ප්‍රතිභා මහානාම හේවාගෙන් විමසීමක් කළා.

ඔහු කියා සිටියේ රතු නිවේදනයක් නිකුත් කිරීමෙන් හිටපු මහබැංකු අධිපතිවරයාට නීතිමය ක්‍රියාමාර්ග ගත හැකි බවයි.

ඒ සදහා තානාපති කාර්යාල හරහා ක්‍රියාත්මක විය යුතු බවයි ඔහු පෙන්වා දුන්නේ.