අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේනගේ ඇප අයදුම්පත ප්‍රතික්ෂේප කෙරේ

Friday, 09 March 2018 - 12:23

%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%BD%E0%B7%9D%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%9A%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%9A%E0%B6%B1%E0%B6%9C%E0%B7%9A+%E0%B6%87%E0%B6%B4+%E0%B6%85%E0%B6%BA%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%9A%E0%B6%B4+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන ඉදිරිපත් කළ ඇප අයදුම්පත කොළඹ මහාධිකරණය විභාගයට නොගෙනම අද ප්‍රතික්ෂේප කළා.

ඒ, කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න හමුවේ එය කැඳවූ අවස්ථාවේදියි.

බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි විධායක නිලධාරී කසුන් පලිසේන අද මෙම ප්‍රතිශෝධිත ඇප අයදුම්පත ඉදිරිපත් කළේ, පසුගිය 16 වනදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඇප ප්‍රතික්ෂේප කරමින් ලබාදුන් නියෝගය අභියෝගයට ලක් කරමින්.

එදින ඔවුන්ට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කළ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න සැකකරුවන් තවදුරටත් ලබන 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළා.

එම නියෝගයට එරෙහිව ඉදිරිපත් කළ ප්‍රතිශෝධිත ඇප අයදුම්පතද අද විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න කියා සිටියේ කොටුව මහේස්ත්‍රාත්වරිය ලබාදුන් තීන්දුවට තමන් සම්පූර්ණ එකඟතාව පළ කරන බවයි.

මේ අතර අධිකරණ නියෝගයට අනුව හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටීම පැහැර හැර ඇති නිසා ඔහු අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් ලබාගැනීමට කටයුතු කරන බව නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.