මහනුවර සිද්ධියට අත්අඩංගුවට ගත් පිරිසගෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය ප්‍රශ්න කිරීම් අරඹයි

Friday, 09 March 2018 - 13:10

%E0%B6%B8%E0%B7%84%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%B1+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%8A%E0%B6%A8%E0%B7%8F%E0%B7%81%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%85%E0%B6%BB%E0%B6%B9%E0%B6%BA%E0%B7%92
මහනුවර දිස්ත්‍රික්කයේ ඇති වූ කලහකාරි සිද්ධීන්ට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඇතුළු දස දෙනාගෙන් මේ වනවිට ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය ප්‍රශ්න කරමින් සිටිනවා.

අත්අඩංගුවට ගත් ඔවුන් ඊයේ (08) රාත්‍රියේ කොළඹට රැගෙන එනු ලැබුවා.

හදිසි නීති රෙගුලාසි වලට අනුව ඔවුන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට හැකියාව පවතින බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

එමෙන්ම, නිවාස ඇතුළු පූජනීය ස්ථානවලට අලාභ හානි සිදුකළ පුද්ගලයින් 71 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට ඊයේ පස්වරු 6 පැනවූ ඇඳිරි නීතිය ද අද පෙරවරු 6 ට ඉවත් කළා.

කෙසේ වෙතත්, දිස්ත්‍රික්කය තුළ පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ ත්‍රිවිධ හමුදාව ඇතුළුව විශේෂ ආරක්ෂාවක් යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර කියා සිටියේ.

මේ අතර, මහනුවර දිස්ත්‍රික්කයේ සිදුවූ කලහකාරි සිද්ධීන් අතරතුර හානි වූ නිවාස සහ ව්‍යාපාර ස්ථාන තක්සේරු කිරීමට අදාළ සාකච්ඡා මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

මහනුවර දිස්ත්‍රික් ලේකම් එච්.එම්.පී හිටිසේකර සඳහන් කළේ එම සාකච්ඡාවලින් අනතුරුව අද දිනය තුළ තක්සේරු කටයුතු කිරීම් ආරම්භ කරන බවයි.

එසේම, මහනුවර සිද්ධියට අත්අඩංගුවට ගත යුතු සැකකරුවන් සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි පියවර ගැන දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමය ද ඊයේ කොළඹ මාධ්‍ය හමුවක් කැඳවමින් අදහස් පළ කළා.

එහිදී අදහස් දැක්වූ එහි සභාපති ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා කිය සිටියේ හදිසි අවස්ථාව යටතේ අත්අඩංගුවට ගැනීමේ හැකියාව පොලීසියට මෙන්ම හමුදාවට ද පවතින බවයි.

එම සිදුවීම්වලට අදාළ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා උසස් නිලධාරින් ක්‍රියා කළ යුතු බවයි සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර, මහනුවර දිස්ත්‍රික්කයේ ගත යුතු ඉදිරි පියවරයන් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සහ සර්ව ආගමික නායකයින් සහ යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායකගේ ප්‍රධානත්වයෙන් මහනුවරදී අද සාකච්ඡාවක් පැවැත්වුණා.