මහනුවරට අද රාත්‍රි 8 සිට හෙට අලූයම 5 දක්වා යළි ඇඳිරි නීතිය

Friday, 09 March 2018 - 15:59

%E0%B6%B8%E0%B7%84%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B6%A7+%E0%B6%85%E0%B6%AF+%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92+8+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%85%E0%B6%BD%E0%B7%96%E0%B6%BA%E0%B6%B8+5+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%87%E0%B6%B3%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA
මහ නගර සභා බල ප්‍රදේශය හැර මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයේ අනෙකුත් සියලූ ප්‍රදේශවලට අද රාත්‍රි 8 සිට හෙට අලූයම 5 දක්වා යළි ඇදිරි නීතිය පනවා තිබෙනවා.

පොලිස් මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර කියා සිටියේ ප්‍රදේශයේ සාමකාමී තත්ත්වය තවදුරටත් පවත්වාගෙන යාමේ අරමුණින් මෙලෙස ඇදිරි නීතිය පැනවූ බවයි.

මේ අතර ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයත් සමග වසා දැමුණු මහනුවර දිස්ත්‍රික්කයේ රජයේ සියලූ පාසල් ලබන 12 වන සඳුදා යළි විවෘත කරන බව මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක කියා සිටියා.

අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ ආරක්ෂක අංශ ලබාදුන් නිර්දේශ සළකා මෙම තීරණය ගත් බවයි.  

එසේම සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය 4 වනදා සිට මේ දක්වා සැකකරුවන් 146 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හෝමාගම සහ කොල්ලූපිටිය ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත්තේ ජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයේ තොරතුරු අන්තර්ජාලයට මුදාහැරීම සම්බන්ධයෙන්.

අද උදෑසන 6 න් අවසන් වූ පැය 24 තුළදී පමණක් පුද්ගලයින් 65 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගත් බවයි අද පැවති මාධ්‍ය හමුවේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ.

ත්‍රස්ත විමර්ශන අංශය මගින් ඊයේ අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු ඇතුලූ දසදෙනා කොළඹට රැගෙන විත් මේ වනවිට ප්‍රශ්න කිරීම් සිදුකරන බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

මේ අතර යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක අද මහනුවර සිංහල, දෙමළ, සහ මුස්ලිම් වෙළඳ ප්‍රජාව හමුවී සාකච්ඡාවක නිරතවුණා.  

පසුව ප්‍රදේශයේ වත්මන් තත්ත්වය පිළිබඳව යුද හමුදාපතිවරයා සහ මහනුවර දිස්ත්‍රික් ලේකම් එච්.එම්.පී. හිටිසේකර අතර සාකච්ඡාවක් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා.

මේ අතර අද පෙරවරුවේ අමාත්‍ය ෆයිසර් මුස්තාෆා, පිටකොටුව ප්‍රදේශයේ සංචාරයක නිරතවූ අතර, එහිදී ඔහු ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් සමග වත්මන් තත්ත්වය පිළිබඳව සාකච්ඡා කළා.

මේ අතර පසුගියදා සිදුවූ කළහකාරී සිදුවීම් අතරතුර ජීව අත්බෝම්බයක් පිපිරී යාමෙන් මියගිය 28 හැවිරිදි තරුණයාගේ අවසන් කටයුතු අඹතැන්න - මුල්ලේගම ප්‍රදේශයේ පවුලේ සුසාන භූමියේදී අද සිදු කෙරුණා.

හිරු වාර්තාකරුවන් ප්‍රකාශ කළේ ආරක්ෂක අංශ අවමංගල උත්සවය සඳහා දැඩි ආරක්ෂාවක් යොදවා තිබූ බවයි.