දකුණු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. කසුන් සහ ඔහුගේ බිරිද රිමාන්ඩ්

Saturday, 10 March 2018 - 15:56

%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%91%E0%B6%B8%E0%B7%8A.%E0%B6%9A%E0%B7%9A.+%E0%B6%9A%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%94%E0%B7%84%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B6%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%AF+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
පෞද්ගලික බස් රථ රියදුරෙකුට පහරදීමේ සිද්ධියකට ඊයේ අත්අඩංගුවට ගත් දකුණු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. කසුන් සහ ඔහුගේ බිරිද ලබන 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ ඔවුන් අද කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ඊයේ බත්තරමුල්ල - කොස්වත්ත ප්‍රදේශයේදී අදාළ මන්ත්‍රීවරයා සහ ඔහුගේ බිරිද ගිනිඅවියක් ද අතැතිව බස් රථ රියදුරාට පහරදෙන ආකාරය පුද්ගලයෙකු  ජංගම දුරකථනයකින් පටිගත කර තිබුණා.

සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් ඔවුන් සතුව තිබී ජීව උණ්ඩ 5 ක් ද පොලිස් භාරයට ගැණුනා.

පළාත් සභා මන්ත්‍රී එම්.කේ. කසුන් මීට පෙර 2015 අගෝස්තු මාසයේ දිනයකදී බෙලිඅත්ත - දම්මුල්ල ප්‍රදේශයේදී දේශපාලන පක්ෂයක ආධාරකරුවන් පිරිසකට ගිනි අවි පෙන්වා බිය වද්දා පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප පිට නිදහස්ව සිටින අයෙක්.

මෙම සිදුවීම සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර අද සීදුව ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කළා.

ඔහු කියා සිටියේ මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමට අවධානය යොමුව ඇති බවයි.