කේරළ ගංජා තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

Sunday, 11 March 2018 - 10:14

%E0%B6%9A%E0%B7%9A%E0%B6%BB%E0%B7%85+%E0%B6%9C%E0%B6%82%E0%B6%A2%E0%B7%8F+%E0%B6%AD%E0%B7%9C%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
පේදුරුතුඩුව - කුඩත්තනේ ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී කේරළ ගංජා තොගයක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, කන්කසන්තුරේ කොට්ඨාශ බුද්ධි අංශ නිලධාරීන් සිදුකළ වැටලීමකදියි.

රුපියල් ලක්ෂ 4 කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

සැකකරු 33 හැවිරිදි පලෙයි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහු අද පේදුරුතුඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.