බෝට්ටුවක් පෙරලීමෙන් 5 ක් මරුට

Sunday, 11 March 2018 - 13:29

%E0%B6%B6%E0%B7%9D%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+5+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
නිලාවේලි - පෙරියකුලම වැවේ නෙළුම් කොළ කැඩීමට ගොස් ඔරුව පෙරළී 05 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

පොලීසිය සදහන් කළේ මෙලෙස මිය ගිය පිරිස අතර කුඩා ළමයින් 04 දෙනෙකු ද සිටින බවයි.

අවුරුදු 06ත්, 09ත් අතර වයස්වල පසුවන පිරිමි ළමයින් දෙදෙනෙකු සහ ගැහැණු ළමයින් දෙදෙනෙකු මෙලෙස මිය ගිය පිරිසට ඇතුළත්.

ඔරුව පැදවූ බව කියන 44 හැවිරිදි පුද්ගලයෙකු ද සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්වුණා.

ඔහු මිය ගිය එක් දරුවෙකුගේ පියා බවයි පොලීසිය සදහන් කළේ.

අප වාර්තාකරු සඳහන් කළේ අද (11) පෙරවරු 11ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි.

පෙරියකුලම වැව ආසන්නයේ ඇති කෝවිලක පූජාවක් සිදුකිරීම සඳහායි මොවුන් නෙළුම් කොළ කැඩීමට ගොස් ඇත්තේ.

අනතුර සිදුවන අවස්ථාවේදී ප්‍රදේශවාසින් බේරා ගත් තවත් දැරියක් නිලාවේලි රෝහලට ඇතුලත් කර තිබෙනවා.

කුඩා ඔරුවක අනාරක්ෂිතව ගමන් කිරිම මෙම අනතුරට හේතු වී ඇති බවයි පොලිසිය සදහන් කළේ.