මාකඳුරේ මධූෂ්ගේ, ගෝලයින් දෙදෙනෙක් පොලිසියට කොටු

Sunday, 11 March 2018 - 16:29

%E0%B6%B8%E0%B7%8F%E0%B6%9A%E0%B6%B3%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B6%B8%E0%B6%B0%E0%B7%96%E0%B7%82%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A%2C+%E0%B6%9C%E0%B7%9D%E0%B6%BD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%94
සමයං ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙකු වන මධූෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මධූෂ් නමැත්තාගේ ප්‍රබලතම ගෝලයන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අද (11) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මාතර - වැලිගම - මිදිගම ප්‍රදේශයේදී ඔවුන් ගිනි අවි සහ මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මධූෂ් නමැති පාතාල නායකයා මේ වනවිට ඩුබායි හි සැඟවී සිටින බවටයි තොරතුරු අනාවරණ වී ඇත්තේ.

ඔහු එහි සිට අපරාධ මෙහෙය වන බවට ද තොරතුරු ලැබී තිබෙනවා.