කැකිරාවේ ගෙවත්තකින් හමුවූ අත්බෝම්බය

Monday, 12 March 2018 - 6:31

%E0%B6%9A%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9C%E0%B7%99%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BA
කැකිරාව, සෙක්කුපිටිය ප්‍රදේශයේ ගෙවත්තක තිබී ඊයේ (11) දහවල් ජීව අත්බෝම්බයක් සොයා ගෙන තිබෙනවා.

පොලිසියට ලද තොරතුරක් අනුව එම අත්බෝම්බය සොයා ගත් බවයි අප වාර්තාකරු පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් එම නිවසේ පදිංචිකරුවන්ගෙන් පොලිසිය ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර මෙම ජීව අත්බෝම්බය කිසිවකු විසින් එම ගෙවත්තට ගෙනැවිත් දමන්නට ඇතැයි පොලිසිය සැක කරනවා.

අප වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ සොයා ගත් අත්බෝම්බය අනුරාධපුර පොලිස් විශේෂ කාර්ය බලකායේ බෝම්බ නිශ්ක්‍රීය අංශයේ නිලධාරීන්ගේ සහය ඇතිව නිශ්ක්‍රීය කිරීමට නියමිතව තිබූ බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවකු පොලිස් අත්අඩංගුවට ගෙන නොමැති අතර කැකිරාව පොලිසිය වැඩිදුර විමර්ශණ සිදුකරනවා.