අවහිර කෙරුණු සමාජ මාධ්‍ය ගැන ජනපති ලේකම්ගේ ප්‍රධානත්වයෙන් සාකච්ජාවක්

Monday, 12 March 2018 - 13:31

%E0%B6%85%E0%B7%80%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
මහනුවර දිස්ත්‍රික්කයේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයත් සමග තාවකාලිකව අවහිර කරනු ලැබූ සමාජජාල මාධ්‍යයට පිවිසීම යළි යථා තත්ත්වයට පත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් අද (12) සාකච්ඡාවක් පැවැත්වෙනවා.

මෙහිදී එම ප්‍රදේශවල පවතින වාතාවරණය සහ තවත් සුවිශේෂී කරුණු කිහිපයක් පිළිබඳ අවධානයට ලක් කෙරෙන බවයි ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී සඳහන් කළේ.

මේ අතර මහනුවර දිස්ත්‍රික්කයේ ඇතිවූ නොසන්සුන්කාරී වාතාවරණයෙන් පසු ගතයුතු ඉදිරි පියවර පිළිබඳ සාකච්ඡාවක් නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර සහ පොලිස්පතිවරයා අතර දැන් ආරම්භ වී තිබෙනවා.

අමාත්‍යාංශයේ පැවැත්වෙන මෙම සාකච්ඡාවට මධ්‍යම පළාත නියෝජනය කරන උසස් පොලිස් නිලධාරීන් ඇතුලු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය ඇතුළු විමර්ශන ඒකකවල නිලධාරීන් ද එක්ව සිටින බවයි වාර්තාවන්නේ.

එමෙන්ම පසුගිය 07 වනදා සිට දින නියමයක් නොමැතිව වසා දැමුණු මහනුවර දිස්ත්‍රික්කයේ පාසල් අද (12) විවෘත කෙරුණා.

අප වාර්තාකරුවන් සඳහන් කළේ අද දිනයේ සිසුන් පාසල් වෙත පැමිණීම සාමාන්‍ය මට්ටමක පවතින බවයි.

මීට අමතරව පැවති වාතාවරණය හේතුවෙන් සති අන්තයේදී කල් දැමුණු මහනුවර පාසල් ක්‍රිකට් තරඟ යළි පවත්වනු ලබන දිනය සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැහැ.

අදාළ තරඟ පැවැත්වීම සඳහා පාසල් සූදානමින් සිටියද පොලීසිය සමග සාකච්ඡා කිරීමෙන් පසු ඒ පිළිබඳව අවසන් තීරණයක් ගැනීමටයි නියමිතව ඇත්තේ.

ඇතිවූ තත්ත්වයත් සමඟ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ  කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලය අතර කන්ද උඩරට නිල් මහ සටන සහ මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය, ශාන්ත සිල්වෙස්තර විද්‍යාලය අතර සුරතලුන්ගේ මහා ක්‍රිකට් සටන මෙන්ම කිංග්ස්වුඩ් සහ ධර්මරාජ විද්‍යාල අතර කන්ද උඩරට සුලෝහිත සංග්‍රාමය මෙලෙස කල් දමනු ලැබුවා.

මහනුවර දිස්ත්‍රික්යේ පරිපාලන කටයුතු පවත්වාගෙන යාම සම්බන්ධයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් අද පෙරවරුවේ පැවැත්වුණා.

ඒ, තැපැල්, තැපැල්සේවා සහ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ. හලීම්ගේ ප්‍රධානත්වයෙන්.

එම සාකච්ඡාව සහ මහනුවර දිස්ත්‍රික්කයේ පාසල් අද ආරම්භ කෙරුණා.

මේ අතර සමාජ මාධ්‍ය පදනම් කරගෙන වෛරී ප්‍රකාශ සිදුකරන්නන්ට එරෙහිව නව නීති සකස් විය යුතු බව නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන ප්‍රකාශ කළා.