පානදුර - අළුබෝමුල්ල ප්‍රදේශයේ නිවසකින් ගුවන් යානා කොටස් හමුවේ

Monday, 12 March 2018 - 17:09

%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B6%AF%E0%B7%94%E0%B6%BB+-+%E0%B6%85%E0%B7%85%E0%B7%94%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A
පානදුර - අළුබෝමුල්ල ප්‍රදේශයේ නිවසක තිබී ගුවන් යානා කොටස් කිහිපයක් සොයාගෙන තිබෙනවා.

පොලීසියට ලද තොරතුරක් මත අද දහවල් එම නිවස පරීක්ෂා කළ අවස්ථාවේදී ගුවන් යානයේ එන්ජිම නොමැතිව අනෙකුත් සියලූම කොටස් එහි තිබූ බව සඳහන්.

මෙම ගුවන් යානා කොටස් සොයාගෙන ඇත්තේ හිටපු ගුවන් හමුදා සාමාජිකයෙකුගේ නිවසක තිබියදීයි.

ඒවා භාවිතයෙන් ඉවත් කළ කොටස් වන අතර, ඔහු එම කොටස් යළි සකස් කොට ඇතැම් පුද්ගලයින්ට අලෙවි කර ඇති බවටයි දැනට සිදුකරන ලද පරීක්ෂණවලින් අනාවරණ වී ඇත්තේ.

කෙසේ වෙතත්, එලෙස ගුවන් යානා කොටස් ළඟ තබා ගත හැකි ද යන්න පිළිබදව පොලීසිය මේ වන විට පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.