පාතාල සාමාජිකයෙකු පෑලියගොඩදී අත්අඩංගුවට

Tuesday, 13 March 2018 - 10:29

%E0%B6%B4%E0%B7%8F%E0%B6%AD%E0%B7%8F%E0%B6%BD+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B4%E0%B7%91%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
හෙරොයින් ජාවාරම, මහා පරිමාණ කප්පම් ගැනීම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ පාතාල කල්ලි සාමාජිකයෙකු වන හේරත් මුදියන්සෙලාගේ ප්‍රභාත් මධුශංක හෙවත්, බැරල් සංඛ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකාය ඊයේ රාත්‍රියේ සිදුකළ මෙහෙයුමක් මගින් පෑලියගොඩ ප්‍රදේශයේදී මොහු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

එම අවස්ථාවේදී ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 6ක් ද සොයාගෙන ඇති අතර, ඔහු පෑලියගොඩ - මිරිස්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මොහු පොලිස් විශේෂ කාර්ය බලකාය සමඟ සිදුවූ වෙඩි හුවමාරුවකදී පසුගිය දා ජීවිතක්ෂයට පත්වූ ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු වන දඩල්ලගේ මංජු හෙවත් ඩී. මංජුගේ සමීපතමයෙක්.

ඔහුගේ මිය යාමෙන් පසු මධුශංක හෙවත් බැරල් සංඛ එම කණ්ඩායමේ නායකත්වය ගෙන කටයුතු කර ඇති බවටයි දැනට සිදුකරන ලද පරීක්ෂණවලින් අනාවරණ වී ඇත්තේ. 24 හැවිරිදි සැකකරු අද අලූත්කකඬේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර, මාතර - වැලිගම - මිදිගම ප්‍රදේශයේදී ගිනි අවි සමඟ අත්අඩංගුවට ගත් මාකඳුරේ මධුෂ් නැමැත්තාගේ ගෝලයින් දෙදෙනාගෙන් මේ වන විට ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටිනවා.

ඔවුන්ගේ ප්‍රකාශවලට අනුව මධුෂ් පිළිබදව වැදගත් තොරතුරු රැසක් අනාවරණ කර ගැනීමට හැකියාව පවතින බවටයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ.

මධූෂ් නමැති පාතාල නායකයා මේ වනවිට ඩුබායි හි සැගවී සිටින බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.