සීදූව පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට

Tuesday, 13 March 2018 - 16:48

%E0%B7%83%E0%B7%93%E0%B6%AF%E0%B7%96%E0%B7%80+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0+%E0%B6%85%E0%B6%82%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
කටුනායක ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් 25,000 ක මුදලක් අල්ලස් ලෙස ලබාගැනීමට යාමේදී සීදූව පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් අද (13) අත්අඩංගුවට ගත්තා.

සීදූව පොලීසියේ වාහන අංගනයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බවයි එහි විමර්ශන අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත චන්ද්‍රසිරි කියා සිටියේ.

අදාළ ව්‍යාපාරිකයා පොලීසියට සිදුකළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ සැකකරු අත්අඩංගුවට ගෙන පැමිණිලිකරුට වාසිදායක අයුරින් විමර්ශන සිදුකිරීම සඳහා අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා මෙම මුදල අල්ලස් ලෙස ඉල්ලා තිබෙනවා.

මුදල් ලබාගැනීමට යාමේදී විදේශීය මත්පැන් බෝතලයක් ද සමග සැකකරු අත්අඩංගුවට ගත් බවයි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම සඳහන් කළේ.