ගලේවෙල - දඹුල්ල මාර්ගයේ යටිගල්පොත්ත ප්‍රදේශයේදී අද අලූයම සිදුවූ රිය අනතුරකින් එකම පවුලේ හතරදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
පොලීසිය ප්‍රකාශ කළේ ත්‍රිරෝද රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණ ලා ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
අනතුරින් ජිවිතක්ෂයට පත්වුණේ ත්‍රිරෝද රථයේ ගමන් ගත් මව, පියා, පුතා සහ දියණිය වන අතර, ඔවුන් අත්තනගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හෙළිවී තිබෙනවා.
සිද්ධිය වන අවස්ථාවේ ත්‍රිරෝද රථය පදවා ඇත්තේ 20 හැවිරිදි පුත්‍රයා වන අතර, ඔහුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවටයි මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.
මියගිය පිරිස කන්තලේ ප්‍රදේශයේ වෙළඳාම් කටයුත්තක නිරතවී නැවත නිවස වෙත පැමිණෙමින් සිටියදී මෙම අනතුරට මුහුණපා තිබෙනවා.
අනතුරට ලක්වූ ලොරි රථය මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ සිට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය දක්වා ගමන් කරමින් තිබූ අතර, එහි රියදුරු පොලීසිය අත්අඩංගුවට ගනු ලැබුවා.