මුලතිව් ගැටුමකින් 05ක් රෝහලේ

Tuesday, 17 April 2018 - 6:27

%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+05%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A
මුලතිව්, කුමුනමුනෙයි ප්‍රදේශයේදී ඊයේ (16) දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා ඇති බව මුලතිව් පොලිසිය පවසනවා.

පොලිසිය පැවසූවේ නව වසර වෙනුවෙන් පැවැත්වූ සාදයකින් අනතුරුව මෙම ගැටුම හටගෙන ඇති බවයි.

ගැටුමින් පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා ඇති අතර තුවාලකරුවන් මුලතිව් රෝහල වෙත ඇතුළත් කර ඇති බව සඳහන්.

තුවාලකරුවන්ගේ තත්වය බරපතල නොවන අතර පෞද්ගලික ආරවුලක් ගැටුමට හේතුවී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවන බවයි පොලිසිය සදහන් කළේ.