ගින්නකින් මහරගම නිවසක් සම්පූර්ණයෙන් විනාශ වෙයි

Thursday, 19 April 2018 - 13:25

%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84%E0%B6%BB%E0%B6%9C%E0%B6%B8+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%96%E0%B6%BB%E0%B7%8A%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8F%E0%B7%81+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
මහරගම මංසන්ධිය ආසන්නයේ නිවසක අද පෙරවරුවේ ඇතිවූ ගින්නකින් එය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා.

වෛද්‍යවරයෙකුට අයත් මෙම නිවසේ කිසිවෙකුත් නොසිටි අවස්ථාවක ගින්න හටගෙන ඇති අතර, මහරගම නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ රථයක් සහ ජල බවුසරයක් යොදවා ගින්න නිවා දැමීමට කටයුතු කළ බවයි පොලීසිය කියා සිටියේ.

ගින්නෙන් සිදුවූ හානිය මෙතෙක් තක්සේරු කර නැහැ.