මහජනතාව රැවටූ කාන්තාව සොයන්න පොලිසියෙන් ඉල්ලීමක් (ඡායාරූප)

Friday, 20 April 2018 - 12:08

%E0%B6%B8%E0%B7%84%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%BB%E0%B7%90%E0%B7%80%E0%B6%A7%E0%B7%96+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
බැංකු සේවිකාවක් ලෙස පෙනී සිටිමින් මහජනතාව රවටා මුදල් වංචා කළ කාන්තාවක් සොයා කොළඹ වංචා විමර්ශන කොට්ඨාශය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

කොළඹ වංචා විමර්ශන කාර්යාංශය වෙත වාර්තා වී ඇති පැමිණිලි ගණනාවකට අදාලව දැනට කොටුව, අලුත්කඩේ, මාලිගාකන්ද සහ මොරටුව යන අධිකරණවල විභාග වෙමින් පවතින නඩු සඳහා ඇය අවශ්‍ය බවයි පොලිසිය පවසන්නේ.

අවශ්‍ය කරන ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරමින් මුදල් වංචා කළ මෙම කාන්තාව අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය ජනතා සහාය පතනවා.

ඇය දැනට පදිංචි ලිපිනය මගහැර සැඟව සිටින බවයි පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ඇයගේ ඡායාරූපය සහ විස්තර පහතින්.