විධායක ජනපති ක්‍රමය ගැන අවසන් තීන්දුවක් නැහැ - හිටපු ජනපති

Sunday, 22 April 2018 - 8:07

%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90+-+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙන් වන යෝජනාවකට සහය පළ කිරීම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය හෝ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

පොළොන්නරුව - මැදිරිගිරිය ප්‍රදේශයේ ඊයේ පැවැති ආගමික උත්සවයකට එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව කියා සිටියා.