රෙජී රණතුංග ජන්ම දිනය දා, අර්ජුණගෙන් සහ ප්‍රසන්නගෙන් වෙනම සැමරුම්

Sunday, 22 April 2018 - 19:12

%E0%B6%BB%E0%B7%99%E0%B6%A2%E0%B7%93+%E0%B6%BB%E0%B6%AB%E0%B6%AD%E0%B7%94%E0%B6%82%E0%B6%9C+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8A%E0%B6%B8+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA+%E0%B6%AF%E0%B7%8F%2C+%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B7%94%E0%B6%AB%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B6%B8+%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු මෙන්ම හිටපු අමාත්‍යවරයෙකු වන දිවංගත රෙජී රණතුංගයන්ගේ 81 වන ජන්ම දින සමරුව මිනුවන්ගොඩ - උඩුගම්පොළ ප්‍රදේශයේදී අද (22) පෙරවරුවේ සිදුකෙරුණා.

එහිදී ඔහුගේ පුතුන් දෙදෙනෙකු වන අමාත්‍ය අර්ජුණ රණතුංග සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග වෙන් වෙන්ව ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීම විශේෂත්වයක්.

උදෑසන 7ට පමණ අමාත්‍ය අර්ජුණ රණතුංග ඇතුළු පිරිසක් උඩුගම්පොළ පිහිටි රෙජී රණතුංග ස්මාරකයට පුෂ්පෝපහාර දක්වනු ලැබුවා.

ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍ය අර්ජුණ රණතුංග කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උන්නතිය උදෙසා තම පියාණන් දැඩි කැපවීමකින් කටයුතු කළ බවයි.  

 පසුව උදෑසන 9ට පමණ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග ඇතුළු පිරිසක් සිය පියාණන්ගේ ස්මාරකය වෙත ගොස් පුෂ්පෝපහාර දක්වා තිබෙනවා.

අනතුරුව ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා, මිනුවන්ගොඩ පිහිටි රෙජී රණතුංග සමරු සම්මන්ත්‍රණ ශාලාවේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් සැමරුම් උත්සවයක් ද සංවිධාන කර තිබුණා.