හොරණ කර්මාන්තශාලාවේ ජ්‍යෙෂ්ඨ රසායනාගාර පාලකවරිය සහ කළමනාකරු යළි රිමාන්ඩ්

Wednesday, 25 April 2018 - 10:42

%E0%B7%84%E0%B7%9C%E0%B6%BB%E0%B6%AB+%E0%B6%9A%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%81%E0%B7%8F%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%99%E0%B7%82%E0%B7%8A%E0%B6%A8+%E0%B6%BB%E0%B7%83%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%84+%E0%B6%9A%E0%B7%85%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
පස් දෙනෙකුට මරු කැඳවමින් හොරණ - බැල්ලපිටිය ප්‍රදේශයේ රබර් සැකසුම් කර්මාන්තශාලාවේ සිදුවූ අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එහි ජ්‍යෙෂ්ඨ රසායනාගාර පාලකවරිය සහ කළමනාකරු අනිද්දා (27) දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ මොවුන් අද (25) පෙරවරුවේ හොරණ වැඩබලන මහේස්ත්‍රාත් චන්දන විජේසූරිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

එමෙන්ම මියගිය එක් අයෙකුගේ පවුලකට රුපියල් දෙලක්ෂ 50,000 ක වන්දි මුදලක් අදම ගෙවන ලෙසටයි වැඩබලන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.

මෙම කර්මාන්තශාලාවේ අනතුර සම්බන්ධයෙන් කම්හලේ කළමනාකාරවරයා පසුගිය සිකුරාදා අත්අඩංගුවට ගනු ලැබූ අතර ජ්‍යෙෂ්ඨ රසායනාගාර පාලකවරිය අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය 21 වනදායි.  

කර්මාන්තශාලාවේ හිමිකරු මෙතෙක් පොලිසිය හමුවේ පෙනී සිට නොමැති අතර ඔහුට හොරණ පොලිසිය හමුවේ පෙනී සිටින ලෙස හොරණ වැඩබලන මහේස්ත්‍රාත්වරිය නියෝග නිකුත් කළේ පසුගිය ඉරිදා දිනයේයි.

එමෙන්ම මොහුට විදෙස් ගතවීම තහනම් කර තිබෙනවා.

මෙම රබර් කර්මාන්තශාලාවේ හිමිකරු කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහු මේ වනවිට ප්‍රදේශය අතහැර පලාගොස් ඇති බවටද වාර්තා වනවා.

අදාල රබර් කර්මාන්තශාලවේ විෂ වායුවක් ආඝ්‍රාණය වී පුද්ගලයන් 05 දෙනෙකු මියගොස් තවත් 35 දෙනෙකු රෝහල් ගත කෙරුණේ පසුගිය 19 වනදායි.

සිද්ධියෙන් අනතුරුව ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේ පරීක්ෂණ සිදුකෙරුණ අතර එහිදී අනාවරණ වූයේ එම කර්මාන්තශාලාව නිසි ආරක්ෂක විධිවිධාන වලට අනුව පවත්වාගෙන ගොස් නොමැති බවටයි.